Notice: Use of undefined constant _COOKIE - assumed '_COOKIE' in /var/www/html/wp-content/themes/sahifa/framework/functions/theme-functions.php on line 1684
Cricket Lanka | ක්‍රිකට් සිංහලෙන් – Page 2

කමිඳු දෙවන වතාවටත් වීරයා වෙමින් ශ්‍රී ලංකාවට දෙවන ජයග්‍රහණයත් ලබාදේ..

නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ තෙවැනි තරගය ලෙස ඇෆ්ගනිස්තාන නැඟී එන කණ්ඩායමට එරෙහිව සී.සී.සී. ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 211 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 9 ක් දැවී …

Read More »

ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයන්ට ලකුණු 109 ක ජයක්..

නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 109 ක පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 325 ක ඉලක්කයක් හඹාගිය ඕමාන් කණ්ඩායම ඕවර …

Read More »

තයිබු ශ්‍රී ලංකා පළමුපෙළ තරඟාවලියට එකතුවේ..

සිම්බාබ්වේ ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටටෙන්ඩර් තයිබු 2018/2019 පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේදී බදුරලිය ක‍්‍රීඩා සමාජය නියෝජනය කිරීමට පැමිණ ඇති අතර ඔහු සිය පළමු පුහුණු සැසියට ඊයේ සහභාගි විය. මෙවර පළමු පෙළ තරගවාරයේදී බදුරලිය ක‍්‍රීඩා සමාජය වෙනුවෙන් සියලූම තරගවලට සහභාගි වන බව සිම්බාබ්වේ හිටපු නායකයා ‘දිවයින’ කළ විමසීමකදී පැවසීය. ‘‘මට ආයිත් …

Read More »

එංගලන්තය ජයග්‍රහණයෙන්, වසර 55 ක වාර්ථාවක් අලුත්වේ…

ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අයිතිකරුවන් වුවත් කිසිදාක ශ‍්‍රී ලංකාවේදී නොලද සම්පූර්ණ ටෙස්ට් තරගාවලි  3-0 ජයක් වාර්තා කළ එංගලන්ත පිල ඊයේ (26) දා* එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේ පැවැති තෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් සත්කාරකයන්ව ලකුණු 42 ක පරාජයකට ඇද දැමුවේය. තම මව්බිමෙන් පිටතදී එංගලන්තය 3-0 කින් ටෙස්ට් තරගාවලියක් ජය ලැබුවේ වසර 55 කට පසුවීමද විශේෂත්වයකි. …

Read More »

නවසීලන්ත සංචාරයට වෙනසක්..

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි ඇතුළු තේරීම් කමිටුව වෙනුවට නව තේරීම් කමිටුවක් පත් කරන්නට ක්‍රීඩා ඇමති වරයා තීරණය කර ඇත,ඒ අනුව නව තේරීම් කමිටු සභාපතිවරයා ලෙස හිටපු වේග පන්දු යවන්නකු මෙන්ම හිටපු තේරීම් කමිටු සභාපතිවරයකු වන අසන්ත ද මෙල් මහතා පත්කර තිබේ. එම කමිටුවේ සෙසු …

Read More »

දිමුත්, ධනංජය සමඟ ගොඩනැගූ ඉනිම ශ්‍රී ලංකා මැදපෙළ විනාශ කර දමයි..

තරගාවලිය පරාජය වී තිබුණද ශ්‍රී ලංකාවේ ගෞරවය රැකගැනීමේ සටනක නිරතවූ දිමුත් කරුණාරත්න (83) සහ ධනංජය ද සිල්වා (73) ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු අලුත් කළහ. එහෙත් තේ පානයෙන් පසුව තරගය තනි අතින් කණපිට පෙරළූ අදිල් රෂීඞ් සිය හොඳම ටෙස්ට් පන්දු යැවීම වාර්තා කරමින් ශ්‍රී ලංකා පිල අමාරුවේ දැම්මේය. ශ්‍රී ලංකා කණ්ඩායම සිය …

Read More »

වර්ෂාවට ඉන්දියාවේ බලාපොරොත්තු සේදී යයි..

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර මෙල්බර්න්හිදී පැවැති දෙවැනි විස්සයි20 තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය. ඒ අනුව පළමු තරගය ජයගත් ඕස්ට්‍රේලියා කණ්ඩායම තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලියේ 1-0 ක් ලෙස තවදුරටත් පෙරමුණේ පසුවන අතර ඉන්දියා කණ්ඩායමට තරඟාවලිය ජයගැනීම සඳහා තිබු බලාපොරෝතුවද වැස්සෙන් සේදී ගිය …

Read More »

ධනුෂ්ක ගැන වැඩි අවධානයක්….

දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරු සකස් කරමින් එංගලන්තයට බැට දීමට සූදානම් වූ නමුත් සියලු උපක්‍රම පාරාවළල්ලක් මෙන් ආපිට කැරකී ආවේය. තරග දෙකක් නිමාවේදීම ටෙස්ට් තරගාවලිය පරාජය විය. එහෙත් අසාර්ථක වූ පැරණි උපක්‍රමයම තුන්වැනි ටෙස්ට් තරගයේදීත් යොදාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබේ. එංගලන්තයට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වීමට …

Read More »

තියුණු සටනකින් පසුව ඉන්දියාව කැන්ගරුවන් හමුවේ දණ නවයි…

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර බ්‍රිස්බේන්හිදී පැවැති පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 4 කින් ජයගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වූ අතර ඒ අනුව තරග 3 කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්විය. කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමු පන්දුවට පහරදීම …

Read More »

අසලංක ඉවතට ධනුෂ්ක ඇතුලට ,චන්දිට තුනත් අහිමි වේ…

එංගලන්තයට එරෙහිව ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේදී පාදයේ ඉහළ කොටසේ ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්ට දෙරට අතර කොළඹදී 23 වනදා ආරම්භ වන තෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වීමේ අවස්ථාවද අහිමි වී තිබේ. චන්දිමාල්ගේ ආබාධ තත්වය තවමත් පූර්ණ වශයෙන් සුව අතට හැරී නොතිබීම නිසා තවදුරටත් …

Read More »