Notice: Use of undefined constant _COOKIE - assumed '_COOKIE' in /var/www/html/wp-content/themes/sahifa/framework/functions/theme-functions.php on line 1684
අසලංක ඉවතට ධනුෂ්ක ඇතුලට ,චන්දිට තුනත් අහිමි වේ… – Cricket Lanka | ක්‍රිකට් සිංහලෙන්
Home / එසැණින් / අසලංක ඉවතට ධනුෂ්ක ඇතුලට ,චන්දිට තුනත් අහිමි වේ…

අසලංක ඉවතට ධනුෂ්ක ඇතුලට ,චන්දිට තුනත් අහිමි වේ…


එංගලන්තයට එරෙහිව ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේදී පාදයේ ඉහළ කොටසේ ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්ට දෙරට අතර කොළඹදී 23 වනදා ආරම්භ වන තෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වීමේ අවස්ථාවද අහිමි වී තිබේ.

චන්දිමාල්ගේ ආබාධ තත්වය තවමත් පූර්ණ වශයෙන් සුව අතට හැරී නොතිබීම නිසා තවදුරටත් විවේකය ලබාදීමේ අරමුණින් තෙවැනි ටෙස්ට් තරගයේදී ඔහු කණ්ඩායමට ඇතුළත් නොකිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වේ. එම ආබාධය හේතුවෙන් ඔහු පල්ලේකැලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයද අහිමි විය.

චන්දිමාල් වෙනුවට දෙවැනි ටෙස්ට් තරගය සඳහා සංචිතයට කැඳවූ යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක චරිත් අසලංක, තෙවැනි ටෙස්ට් තරගය සඳහා නම් කර නොමැති අතර ඔහු වෙනුවට ආරම්භක පිතිකරුවකු වන ධනුෂ්ක ගුණතිලක සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

මේ වන විට ටෙස්ට් තරග 5 කට ක්‍රීඩා කර ඇති ගුණතිලක, එහිදී අර්ධ ශතක 2 ක් සමගින් ලකුණු 259 ක් ලබා සිටින අතර කඩුල්ලක් දවාගැනීමටද සමත්ව සිටියි. එස්.එස්.සී ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන ඔහු පළමු පෙළ තරග 48 කදී ශතක 3 සහ අර්ධ ශතක 13 ක් සමගින් ලකුණු 2356 ක් රැස්කරගෙන ඇති අතර එහිදී බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 62 කි.

දෙවැනි ටෙස්ට් තරගයේදී මෙන්ම තෙවැනි ටෙස්ට් තරගයේදීද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට හිමිව තිබේ. තරඟය SSC ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

………………………………කෙළිමඩල ඇසුරෙනි……………………………


About Isuru Weerarathna

Isuru Weerarathna

Digital Media Entrepreneur.

Check Also

ක්‍රිකට් ප්‍රබලයන් දෙකක් මැතිවරණ සටනට එන බවට ඉඟි…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් මෙන්ම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ටී.එම් ඩිල්ශාන් මෙවර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *