Notice: Use of undefined constant _COOKIE - assumed '_COOKIE' in /var/www/html/wp-content/themes/sahifa/framework/functions/theme-functions.php on line 1684
ඉන්දියාව හමුවේ එංගලන්තයට තියුණු ජයක්.. – Cricket Lanka | ක්‍රිකට් සිංහලෙන්
Home / එසැණින් / ඉන්දියාව හමුවේ එංගලන්තයට තියුණු ජයක්..

ඉන්දියාව හමුවේ එංගලන්තයට තියුණු ජයක්..


ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සහ එංගලන්ත පන්දු යවන්නන් අතර තරඟයක් බවට පත්වූ ඉන්දු එංගලන්ත පළමු ටෙස්ට් තරඟය ජය ගන්නට එංගලන්ත කණ්ඩායම සමත් වුනේ හතරවන දිනයේ දිවා භෝජනයට ද පෙර ලකුණු 32කින් ඉන්දියාව පරාජයට පත් කරමිනි.

තරඟයේ කාසිය වාසිය දිනාගත් එංගලන්ත නායකයා පළමුව පන්දුවට පහර දෙන්නට තීරණය කල අතර එංගලන්ත පළමු ඉනිම ලකුණු 287 කට සීමා වෙද්දී එංගලන්තය වෙනුවෙන් නායක ජෝ රූට් ලකුණු 80ක් සහ ජොනී බ්රේට්ෂ්ෂෝ ලකුණු 70ක් ලබාගත් අතර ඉන්දියා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී අශ්වින් කඩුලු 4ක් සහ මොහොමඩ් ශාමි කඩුලු 3ක් දවා ගන්නට සමත් විය.

ඉන්දියා පළමු ඉනිමේ සම්පුර්ණ බර කරටගත් නායක විරාත් කෝලි එංගලන්ත පන්දු රකින්නන්ගෙන් ලැබුන නොමද සහය සමඟ ලකුණු 149ක් ලබාගනිමින් ඉන්දීය පළමු ඉනිම ලකුණු 274ක් දක්වා රැගෙන ගියේ එංගලන්තයට ලබාගත හැකිව තිබු පළමු ඉනිමේ වාසිය අඩු කරමිනි.එංගලන්ත පන්දු යවන්නන් අතරින් සම් කරන් කඩුලු 4ක් බිඳ දමද්දී අඩිල් රෂීඩ්,ඇන්ඩසන් සහ ස්ටොක් කඩුලු 2 බැගින් දවා ගන්නට සමත් විය.

එංගලන්ත දෙවන ඉනිම ආරම්භයේ සිට ඉන්දීය පන්දු යවන්නන්ගෙන් දැඩි තර්ජන එල්ල වූ අතර එංගලන්ත ඉනිම ලකුණු 180 කට සීමා වෙද්දී පන්දුවෙන් වැඩ පෙන්නු සම් කරන් පිතෙන්ද වැඩ පෙන්නමින් ලකුණු 63ක් ලබා ගනිද්දී ,පන්දුවෙන් ඉෂාන්ට් ශර්මා කඩුලු පහක්,අශ්වින් කඩුලු 3ක් සහ යාදව් කඩුලු දෙකක් දවා ගන්නට සමත් විය.

ලකුණු 194 ක බැලු බැල්මට පහසු ඉලක්කය හඹා යාමට පැමිණි ඉන්දීය පිතිකරුවන් තරඟය ජය ගැනීම සඳහා අවශ්‍ය අඩිතාලම තෙවන දිනය අවසාන වනවිට දමන්නට සමත් වුනාද සිව් වන දිනයේදී එංගලන්තය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වුන බෙන් ස්ටොක් ඉන්දීය කඩුලු 4ක් දවා ගැනීමත් සමඟ ඉන්දීය ඉනිම ලකුණු 162 කට සීමා වුනේ ලකුණු 32ක ජයක් එංගලන්තයට හිමිකර දෙමිනි.තරඟයේ වීරයා සම්මානය හිමි වුනේ එංගලන්තය වෙනුවෙන් තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ සම් කරන්ටය.


About Isuru Weerarathna

Isuru Weerarathna

Digital Media Entrepreneur.

Check Also

තීරණාත්මක තරඟයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට..

නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ අවසාන තරඟයේ තම ස්ථානය තහවුරු කර ගැනීමේ අරමුණින් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *