Notice: Use of undefined constant _COOKIE - assumed '_COOKIE' in /var/www/html/wp-content/themes/sahifa/framework/functions/theme-functions.php on line 1684
ඉන්දියාවේ සැලසුම අසාර්ථක වෙමින්, සරේ ගහන්න සිටි කෝලිට ගෙදර නවතින්න සිදුවේ.. – Cricket Lanka | ක්‍රිකට් සිංහලෙන්
Home / එසැණින් / ඉන්දියාවේ සැලසුම අසාර්ථක වෙමින්, සරේ ගහන්න සිටි කෝලිට ගෙදර නවතින්න සිදුවේ..

ඉන්දියාවේ සැලසුම අසාර්ථක වෙමින්, සරේ ගහන්න සිටි කෝලිට ගෙදර නවතින්න සිදුවේ..


ඉන්දියා ක්‍රිකට් නායක විරාත් කෝලි IPL තරඟාවලියේ තම කණ්ඩායම ලබාගත් පරාජය සමඟ තමන්ගේ මීළඟ අභියෝගය වූ එංගලන්ත ප්‍රාන්ත තරඟාවලියට සුදානමින් සිටියදී අභාදයට ලක්වී ඇති බව ආරංචි වන අතර ඒ අනුව ඔහු සුදානමින් සිටි සරේ වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්තාව අහිමි වී ඇත.

ඉන්දීය මාද්‍ය කෝලි එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩා කරන්නට සුදානම් වීම ගැන දැඩි ලෙස කතාබහ කර තිබුන අතර කෝලි ප්‍රාන්ත තරඟ සඳහා ක්‍රීඩා කරන්නේ ඉන්දියා කණ්ඩායමේ එංගලන්ත සංචාරය සඳහා පෙර පුහුණුවීම් සඳහා බවද ඉන්දීය මාද්‍ය වාර්ථා කර තිබිණි.

කෝලිගේ අභාදය සම්බන්දයෙන් BBC සමඟ අදහස් දක්වා ඇති ඉන්දීය ක්‍රිකට් බලධාරියෙකු පවසා තිබුනේ තවමත් කෝලි ගේ පරීක්ෂණ නිමවී නැති නිසා කොපමණ කාලයක් විවේක ගන්නට සිදුවනු ඇතිද යන්න තවම ප්‍රකාශ කල නොහැකි බවත් එංගලන්ත සංචාරයේ තරඟ වලට ක්‍රීඩා කරන්නට හැකියාව ලැබෙනු ඇති බවද ඔහු පවසා ඇත.එළඹෙන ජුනි 15 වනදා පැවැත්වෙන යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වීම හෝ නොවීම මත කෝලි එංගලන්ත සංචාරයට ක්‍රීඩා කරනවාද නැද්ද යන්න තීරණය වන බවද ඉන්දියා මාද්‍ය වාර්තා කර ඇත.

සරේ ප්‍රාන්තයේ අද්‍යක්ෂ ඇලෙක් ස්ටුවර්ට් පවසන්නේ මෙම සිදුවීම ඇසීමෙන් තමා කනගාටුවට පත්වුවද ඉන්දියාවේ තීරණයට තමා ගරු කරන බවද ඔහු පවසා ඇත.

ප්‍රාන්ත තරඟ පෙර පුහුණු තරඟ කර ගන්නට සිටි කෝලි ට අවසානයේ සිදු වුනේ  ක්‍රීඩා කිරීම කෙසේ වෙතත් ඉන්දියාවෙන් පිටතට යාමට හෝ නොහැකි තත්වයකට පත් වන්නටය.

සරේ ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් පසුගිය වර ක්‍රීඩා කල කුමාර සංගක්කාර විදෙස් ක්‍රීඩකයා ලෙස වාර්තාගත දක්ෂතාවක් දැක්වූ අතර මෙවර කෝලි ගැන බලා සිටි සරේ මීළඟ විදෙස් ක්‍රීඩකයා කවුරුන් වනු ඇතිද යන්න අපට ඉදිරියේ බලාගත හැකි වනු ඇත.

ක්‍රිකට් ගැන අළුත්ම තොරතුරු  දැනුවත් වන්න මෙම පුවතේ ඉහල දකුණු කෙලවරේ ඇති LIKE button එක click කර අපගේ ෆේස්බුක් පිටුව සමඟ එකතු වෙන්න.

ක්‍රිකට් පිටියේ අපුරු සිදුවීම් බලන්න අපගේ යු ටියුබ් චැනලයට එන්න CLICK HERE

 


About Isuru Weerarathna

Isuru Weerarathna

Digital Media Entrepreneur.

Check Also

අසලංක ඉවතට ධනුෂ්ක ඇතුලට ,චන්දිට තුනත් අහිමි වේ…

එංගලන්තයට එරෙහිව ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේදී පාදයේ ඉහළ කොටසේ ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *