Notice: Use of undefined constant _COOKIE - assumed '_COOKIE' in /var/www/html/wp-content/themes/sahifa/framework/functions/theme-functions.php on line 1684
ධනුෂ්කගේ සුපිරි ශතකයෙන් චන්දිගේ ශතකය මැකී යයි… – Cricket Lanka | ක්‍රිකට් සිංහලෙන්
Home / දේශීය පිටිය / ධනුෂ්කගේ සුපිරි ශතකයෙන් චන්දිගේ ශතකය මැකී යයි…

ධනුෂ්කගේ සුපිරි ශතකයෙන් චන්දිගේ ශතකය මැකී යයි…


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කල අන්තර්සමාජ එක්දින තරඟාවලියේ ශුරතාව දිනා ගන්නට ප්‍රබල SSC කණ්ඩායම සමත් වුනේ NCC කණ්ඩායම කඩුලු 4 කින් පරාජයට පත් කරමිනි.SSC ක්‍රීඩා පිටියේ පැවති තරඟයේ කාසිය වාසිය අහිමි වීම සමඟ පන්දුවට පහර දීමට පැමිණි NCC ඉනිමේ ආරම්භක පිතිකරු යුගලය වන උපුල් තරංග සහ නිරෝෂන් දික්‌වැල්ලගේ සම්භන්දතාවය වැඩි දුර ගෙන යන්නට ධම්මික ප්‍රසාත් ඉඩ නොතැබූ අතර තරංග පළමු කඩුල්ල ලෙස දැවී ගියේ මුළු ලකුණු සංක්‍යාව 7ක් වන විට ලකුණු 4ක් ලබා සිටියදීය.ඉන් පසුව පිටියට පැමිණි චන්දිමාල් සමඟ සම්භාදතාවයක් ගොඩනගමින් සිටි දික්වැල්ල ලකුණු 33 කට තිසර පෙරේරා හමුවේ දැවී යාම සමඟ උඩවත්ත වේගවත් ලකුණු 20 ක් සහ ඇන්ජලෝ පෙරේරා ලකුණු 21 ක් ලබා ගන්නට සමත් සමත් වුනද චන්දිමාල්ට අවශ්‍ය සහය මැදපෙළ සහ පසුපෙළ පිතිකරුවන්ගෙන් නිසි ලෙස නොලැබීම නිසා NCC ක්‍රීඩකයන් සියලුදෙනා පන්දුවාර 48.2 තුල සියලු දෙනා දැවී ගියේ ලකුණු 236ක් ලබාගෙන තිබියදීය.චන්දිමාල් තම අත්දැකීම් සමඟ සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 103ක් ලබා ගත්තේ හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් ද සමඟය.

සුපිරි පන්දු යැවීමක නිරත වුන ධම්මික ප්‍රසාත් කඩුලු 3ක් දවාගත් අතර තිසර පෙරේරා සහ ජෙෆ්රි වැන්ඩසේ කඩුලු දෙක බැගින් දවා ගන්නට සමත් විය.

ලකුණු 237ක ඉලක්කයක් හඹා යාමට පැමිණි SSC කණ්ඩායමට සුපිරි ආරම්භයක් ලබා දුන් ධනුෂ්ක ගුණතිලක ශතකයක් ලබා ගැනීමට සමත් වුනේ හුදකලා ඉනිමක් ක්‍රීඩා කල දිනේෂ් චන්දිමාල් ලබාගත් ශතකයේ වටිනාකම තම ශතකයට යට කරමිනි.සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී සාර්ථක වුන ධනුෂ්ක ලකුණු 119 ක් ලබා ගත්තේ හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් ද සමඟය.දසුන් ශානක ලකුණු 26ක් ලබාගත් අතර තරඟයේ ජයග්‍රහණය වෙත SSC කණ්ඩායම රැගෙන ගිය තිසර පෙරේරා පන්දු 9ක් තුල ලකුණු 19 ක් ද චරිත අසලංක නොදැවී ලකුණු 27 ක් ද ලබා ගන්නට සමත් විය.

පන්දු යැවීමේදී NCC කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර කඩුලු 3ක් සහ සචින්ත පීරිස් කඩුලු දෙකක් ලබාගත් අතර මාලිංග කඩුල්ලක් ලබාගත්තද ඔහු ඉදිරියේ SSC ක්‍රීඩකයන් හොඳින් පන්දුවට පහර දෙන අකාරය දැකගත හැකි විය.

 


About Isuru Weerarathna

Isuru Weerarathna

Digital Media Entrepreneur.

Check Also

තයිබු ශ්‍රී ලංකා පළමුපෙළ තරඟාවලියට එකතුවේ..

සිම්බාබ්වේ ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටටෙන්ඩර් තයිබු 2018/2019 පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේදී බදුරලිය ක‍්‍රීඩා සමාජය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *