Notice: Use of undefined constant _COOKIE - assumed '_COOKIE' in /var/www/html/wp-content/themes/sahifa/framework/functions/theme-functions.php on line 1684
සනත්, අර්ජුන කලදේ කරන බවට වෝනර්ගෙන් ප්‍රකාශයක්… – Cricket Lanka | ක්‍රිකට් සිංහලෙන්
Home / ක්‍රිකට් ගොසිප් / සනත්, අර්ජුන කලදේ කරන බවට වෝනර්ගෙන් ප්‍රකාශයක්…

සනත්, අර්ජුන කලදේ කරන බවට වෝනර්ගෙන් ප්‍රකාශයක්…


ඩේවිඩ් වෝනර් යනු ක්‍රිකට් පිටියේදී මෙන්ම පිටතදීත් ආක්‍රමණශීලී චරිතයක් බවට ඕනෑතරම් සාක්ෂි ඔහු අතීතයේ කල කී දෑ වලින් අපට සොයාගත හැක.ක්‍රීඩා පිටියේදී ක්ෂණිකව කිපෙන ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන වෝනර් ගැන මේ දිනවල විදෙස් මාද්‍ය වල වැඩි වශයෙන් කතාබහට ලක් වන්නේ වෝනර් දේශපාලනයට පැමිණීමට කැමැත්තක් ඇති බව ප්‍රකාශ කිරීමත් සමඟය.

පසුගිය කාලයේ ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය අතර ක්‍රීඩක ගෙවීම් සම්භන්ද ප්‍රශ්නයේදී ක්‍රීඩකයන් වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන චරිතයක් වූ වෝනර් එක වරක් පැවසුවේ කුලී කාරයන්ට මෙන් තම ක්‍රීඩකයන්ට ක්‍රීඩා කල නොහැකි බවත් තමන් රටට ලබාදෙන වටිනාකමට සරිලන වටිනාකමක් දිනාගැනීමට තමන් අද සටන් කරන්නේ අනාගතයේ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් වෙනුවෙන්ද බවය.

වෝනර් පසුගිය දිනක ඕස්ට්‍රේලියා මාද්‍යයක් සමඟ පවසා ඇත්තේ තමාට යම් වෙනස් දෙයක් කිරීමේ අවශ්‍යතාවයක් ඇති බවය,ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනීමෙන් පසුව දේශපාලනයට යොමු වීමේ කැමැත්තක් ඇති බවද වෝනර් පවසා ඇත.”මම කැමතියි හැම වෙලාවේම මගෙන් කාට හරි උදව්වක් ඕන නම් ඒ උදව්ව කරන්න,මට හැම වෙලාවේම හිතෙන්නේ ඒක මගේ වගකීමක් කියල.ඒක මම ක්‍රීඩා කරන කණ්ඩායමට සීමා කරන්න කැමති නෑ,මම හිතනවා මට තවත් ගොඩක් අය වෙනුවෙන් වගකීම් ඉටු කරන්න ඉතුරු වෙලා තියනවා කියල.”

වෝනර් මෙලෙස ක්‍රිකට් පිටියෙන් දේශපාලනයට පිවිසුන හොත් එලෙස කරන පළමු ක්‍රීඩකයා ඔහු නොවන අතර ,ඉම්රාන් ඛාන්,අනිල් කුම්බ්ලේ,නවටෝජ් සින් සිධු වැනි ක්‍රීඩකයන් ද ක්‍රිකට් පිටියෙන් පසුව දේශපාලනයට පැමිණි අතර අපිට බෙහෙවින් සමීප උදාහරණ වන්නේ අර්ජුන රණතුංග සහ සනත් ජයසුරියද ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් පසුව දේශපාලනයට පැමිණීමය.

සනත් ,අර්ජුන කලදේ සිතා සිටින වෝනර්  කුමන පක්ෂයකින් දේශපාලනයට පිවිසෙයිද පොදු අපේක්ෂකයා වෙයිදැයි අපි බලා සිටිමු.

ක්‍රිකට් ගැන හැමදේම ඉක්මනින් සහ නිවැරදිව බලන්න පුවතේ ඉහල දකුණු කෙලවරේ ඇති ” LKIE ” Button එක click කර අපගේ ෆේස්බුක් පිටුවට Like  කර අප සමඟ එක්වන්න.

ක්‍රිකට් පිටියේ අපුරු සිදුවීම් බලන්න අපගේ යු ටියුබ් චැනලයට එන්න CLICK HERE


About Isuru Weerarathna

Isuru Weerarathna

Digital Media Entrepreneur.

Check Also

කෝලි ඊයේ කලදේ දැක්ක අනුෂ්කා භය වුනාද…කෝලි තරඟයෙන් පස්සේ කියපු දේ මෙන්න..

කල්කටා නයිට් රයිඩර් කණ්ඩායමයි කල්කටා නයිට් රයිඩර් කණ්ඩායමයි අතරේ ඊයේ තිබුන T20 තරඟය අවසන් වුනේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *