Notice: Use of undefined constant _COOKIE - assumed '_COOKIE' in /var/www/html/wp-content/themes/sahifa/framework/functions/theme-functions.php on line 1684
ලෝකයම බලාගෙන ඉන්න IPL තරඟාවලියේ, කාලසටහන මෙන්න…. – Cricket Lanka | ක්‍රිකට් සිංහලෙන්
Home / විදෙස් පිටිය / ලෝකයම බලාගෙන ඉන්න IPL තරඟාවලියේ, කාලසටහන මෙන්න….

ලෝකයම බලාගෙන ඉන්න IPL තරඟාවලියේ, කාලසටහන මෙන්න….


ලෝකයේ ක්‍රිකට් ලෝලීන්ගේ වැඩිම අවධානයක් තියන ක්‍රිකට් තරඟාවලියක් තමයි IPL තරඟාවලිය කියන්නේ.IPL තියන කාලයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයද තම තරඟ කාලසටහන අකුලාගන්න අතර ඒ මගින් ජාත්‍යන්තර ක්‍රීඩකයන්ට බාදාවකින් තොරව IPL ක්‍රීඩා කිරීමට අවස්තාව ලැබේ.

මෙවර (2018) ඉන්දීය ප්‍රීමියර් ලීග් විස්සයි20 තරගාවලිය ආරම්භ කරමින් ඉකුත් වසරේ (2017) ශූරයන් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම, තහනමකට ලක්ව සිට යළිත් තරගාවලියට එක්වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මස 7 වැනිදා මුම්බායිහි වන්කඬේ ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට නියමිතය.

තරගාවලියේ දෙවැනි දිනය වන 8 වැනිදා තරග 2 ක් පැවැත්වෙන අතර එහිදී කිංග්ස්XI පංජාබ් කණ්ඩායමට එරෙහිව දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම දිල්ලිහිදීද, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම කොල්කටාහිදීද තරග වදිනු ඇත.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙන්ම වසර 2 ක තරග තහනමකින් අනතුරුව යළිත් තරගාවලියට එක්වන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම, අප්‍රේල් 9 වැනිදා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව හයිද්‍රාබාද්හිදී සිය පළමු තරගයට සහභාගි වීමට නියමිතය.

කිංග්ස්XI පංජාබ් කණ්ඩායම හැරුණුකොට සෙසු කණ්ඩායම් සියල්ලම සිය සාම්ප්‍රදායික ක්‍රීඩාංගණ වලදී තරග 7 බැගින් ක්‍රීඩා කරන අතර පංජාබ් කණ්ඩායම පමණක් ඔවුන්ගේ තරගය 7 න් 3 ක් ඉන්දෝර්හිදීද, 4 ක් මොහාලිහිදීද ක්‍රීඩා කරනු ඇත.

තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමේ පළමු තරගය (මැයි 22 වැනිදා) සහ අවසන් මහ තරගය (27 වැනිදා) මුම්බායිහි වන්කඬේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එහෙත් සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගය (23 වැනිදා) සහ පරාජිතයන් ඉවත් කිරීමේ තරගය (25 වැනිදා) පැවැත්වෙන ක්‍රීඩාංගණ තවමත් නම්කර නොමැත.

……………………….කෙළිමඩල ඇසුරෙනි…………………


About Isuru Weerarathna

Isuru Weerarathna

Digital Media Entrepreneur.

Check Also

තියුණු සටනකින් පසුව ඉන්දියාව කැන්ගරුවන් හමුවේ දණ නවයි…

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර බ්‍රිස්බේන්හිදී පැවැති පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ඩක්වත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *