Notice: Use of undefined constant _COOKIE - assumed '_COOKIE' in /var/www/html/wp-content/themes/sahifa/framework/functions/theme-functions.php on line 1684
ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් සුදුස්සන් සිටීද… – Cricket Lanka | ක්‍රිකට් සිංහලෙන්
Home / දේශීය පිටිය / ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් සුදුස්සන් සිටීද…

ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් සුදුස්සන් සිටීද…


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නවක ක්‍රීඩකයන් පැමිණෙන ප්‍රධානම තරඟාවලිය වන දෙශීය පළමුපෙළ ක්‍රිකට් තරඟාවලියේ සුපිරි කණ්ඩායම් අතර තරඟ මේ දිනවල පැවැත්වෙන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තවත් සුදුස්සන් සිටීද යන්න මෙම තරඟාවලියේ ක්‍රීඩකයන් දක්වන දක්ෂතා අනුව තේරීම් කමිටුව තීරණය කරනු ඇත.

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් අට අතර පැවැත්වෙන තරඟ මේ වන විට ආරම්භ වී ඇති අතර පළමු සතියේදී ජයග්‍රහණ වාර්තා කිරීමට හලාවත මේරියන්ස්,එස්.එස්.සී , රාගම සහ කෝල්ට්ස් කණ්ඩායම් සමත් විය.

මෙම සති අන්තයේ අවසන්වූ සුපිරි කණ්ඩායම් අට අතර පැවැත්වෙන තරග වටයේදි ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීමට ඕෂධ ප්‍රනාන්දු සහ සචිත්‍ර සේරසිංහ (හලාවත මේරියන්ස්), කෞශාල් සිල්වා සහ චාමර කපුගෙදර (එස්.එස්.සී) සමත්වූහ.

සාලිය සමන් (සැරසන්ස්), අසිත ප්‍රනාන්දු සහ මාලින්ද පුෂ්පකුමාර (හලාවත මේරියන්ස්), නිසල තාරක (කෝල්ට්ස්), සුරාජ් රංදීව් (බී.ආර්.සී.), නිශාන් පිරීස් (රාගම) කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

හලාවත මේරියන්ස් සහ සැරසන්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී

හලාවත මේරියන්ස්ට ලකුණු 244 ක ජයක්
කොළඹ එස්. එස්. සී. පිටියේ පැවති මෙම තරගයේ සිව්වැනි දිනයේ දී සැරසන්ස් ක්‍රීඩකයන්ට පරාජයෙන් ගැලවීම වෙනුවෙන් ලකුණු 424ක් අවශ්‍ය විය. දිනය ආරම්භ වෙන්නේ සැරසන්ස් දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 92ක් ව තිබිය දී ය.

ඉතා අසීරු ලකුණු ප්‍රමාණයක් පසුපස යන සැරසන්ස් කණ්ඩායම තවත් අමාරුවේ දැමීමට 30 හැවිරිදි වමතින් මඳ වේගපන්දු යවන මාලිංද පුෂ්පකුමාර සමත් විය. ඔහු ප්‍රතිවාදි ඉනිම නිමා කරද්දී ලකුණු 73කට කඩුලු 6ක් දවා ගෙන සිටියේය.

සැරසන්ස් ක්‍රීඩකයන්ට දෙවැනි ඉනිමේ දී රැස් කර ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 180ක් පමණි. ඒ අනුව මේරියන්ස් ක්‍රීඩකයන්ට ලකුණු 244ක ජයග්‍රහණයක් හිමි විය.

පරාජය පෙනි පෙනීත් නායක හර්ෂ කුරේ අර්ධ ශතකයක් ලබා ගැනීම කැපී පෙණුනි. ඔහු පන්දු 74කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 62ක් ලබා ගනිමින් දෙවැනි ඉනිමේ කැපී පෙණෙන පිතිකරු විය.

හලාවත මේරියන්ස් – පළමු ඉනිම – ඕවර 109.2 කදී සියලුදෙනා දැවී ලකුණු 401
(අශේන් සිල්වා 47, ඕෂධ ප්‍රනාන්දු 112, සචිත්‍ර සේරසිංහ 109, තීක්ෂිල ද සිල්වා 45, සාලිය සමන් 76/5)

සැරසන්ස් – පළමු ඉනිම – ඕවර 65.5 කදී සියලුදෙනා දැවී ලකුණු 236
(ඇන්ඩි සොලමන්ස් 31, ගමිඳු අමරසිංහ 43, හර්ෂ කුරේ 41, චතුර රංදුණු නොදැවී 25, රනිත ලියනාරච්චි 36, අසිත ප්‍රනාන්දු 47/5, මාලින්ද පුෂ්පකුමාර 71/3)

හලාවත මේරියන්ස් – දෙවැනි ඉනිම – ඕවර 56.3 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 259
(ශෙහාන් ජයසූරිය 40, සචිත්‍ර සේරසිංහ 87, අශේන් සිල්වා 32, රිසිත් උපමාල් 39, තීක්ෂිල ද සිල්වා 29, චතුර රංදුණු 68/4)

සැරසන්ස් – දෙවැනි ඉනිම – ඕවර 56.3 කදී සියලුදෙනා දැවී ලකුණු 180
(ප්‍රමෝද් මදුවන්ත 36, හර්ෂ කුරේ 62, රනිත ලියනාරච්චි 20, මාලින්ද පුෂ්පකුමාර 73/6, සචිත්‍ර සේරසිංහ 25/2)

බී.ආර්.සී. සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී

කෝල්ට්ස් පිලට කඩුලු 3 ක ජයක්
කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී බී. ආර්. සී. ක්‍රීඩකයන්ට නොසිතූ පරාජයක් විදීමට විය. ලකුණු 202ක ඉලක්කයක් පසුපස ගිය කෝල්ට්ස් ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී අදාළ ඉලක්කය පසු කළහ. ඒ අනුව ඔවුන්ට කඩුලු 3ක ජයග්‍රහණයක් අත්විය.

මෙම තරගයේ දී බී. ආර්. සී. කණ්ඩායම පළමු ඉනිමේ ලැබූ ජයග්‍රහණය ආරක්ෂා කර ගැනීමට සුරාජ් රන්දීව් උත්සාහ කළ ද, අනෙකුත් පන්දු යවන්නන්ගෙන් එතරම් සහයෝගයක් නොලැබීම මත තරගයේ විසඳුම කෝල්ට්ස් කණ්ඩායම වෙතම නතු විය. රන්දිව් ලබා ගත් කඩුලු ප්‍රමාණය 5කි.

බි.ආර්.සී – පළමු ඉනිම – ඕවර 90.2 කදී සියලුදෙනා දැවී ලකුණු 310
(හර්ෂ විතාන 41, හෂේන් රාමනායක 66, ශශින් දිල්රංග 124, නිසල තාරක 71/6, ප්‍රභාත් ජයසූරිය 62/2)

කෝල්ට්ස් – පළමු ඉනිම – ඕවර 97.1 කදී සියලුදෙනා දැවී ලකුණු 231
(ඇන්ජලෝ ජයසිංහ 37, ප්‍රියමාල් පෙරේරා 88, විශාද් රංදික 22, නිසල තාරක 31, නෙරංජන වන්නිආරච්චි 38/4, හෂේන් රාමනායක 47/3, සුරාජ් රංදීව් 36/2)

බි.ආර්.සී – දෙවැනි ඉනිම – ඕවර 38.4 කදී සියලුදෙනා දැවී ලකුණු 122
(ලසිත් ලක්ෂාන් 64, රුමේෂ් බුද්ධික 22, ප්‍රභාත් ජයසූරිය 15/4, කවිශ්ක අංජුල 35/4, නිසල තාරක 26/2)

කෝල්ට්ස් – දෙවැනි ඉනිම – ඕවර 62.3 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 203
(පසිඳු ලක්ශංක 26, සංගීත් කුරේ 39, සධීර සමරවික්‍රම 20, හෂාන් දුමිඳු 38, ප්‍රියමාල් පෙරේරා 35, සුරාජ් රංදීව් 72/5)

එන්.සී.සී. සහ රාගම කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති මෙම තරගයේ දී රාගම ක්‍රිකට් ක්‍රීඩකයන්ට කඩුලු 5ක ජයග්‍රහණයක් හිමිකර දෙමින් තරගය අවසන් විය.

දිනයේ සිව්වැනි දිනය ආරම්භ වූයේ එන්. සී. සී. ක්‍රීඩකයන්ගේ අභියෝගාත්මක පන්දු යැවීමක් සමඟිනි. ඒ අනුව රාගම ලකුණු පුවරුව කඩුලු 5ක් දැවී ලකුණු 47ක් විය. නමුත් එතැන් සිට තම කඩුලු ආරක්ෂා කර ගනිමින් ඉලක්කය දක්වා යෑමට ජනිත් ලියනගේට සහ සමීර ද සොයිසාට හැකි විය.

තරගය අවසන් වන විට ජනිත් ලියනගේ පන්දු 79කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 44ක් ද සමීර ද සොයිසා පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 43ක් ද ලබා සිටියහ.

රාගම පිලට කඩුලු 5 ක ජයක්

එන්.සී.සී.- පළමු ඉනිම – ඕවර 76.1 කදී සියලුදෙනා දැවී ලකුණු 247
(සඳුන් වීරක්කොඩි 24, චතුරංග ද සිල්වා 90, ෆර්විස් මහරුෆ් 24, චාමික කරුණාරත්න 32, තරිඳු කෞෂාල් නොදැවී 23, ඉශාන් ජයරත්න 46/4, අමිල අපෝන්සු 72/3, ජනිත් ලියනගේ 41/2)

රාගම – පළමු ඉනිම – ඕවර 108.3 කදී සියලුදෙනා දැවී ලකුණු 337
(උදාර ජයසුන්දර 57, ශෙහාන් ප්‍රනාන්දු 23, ළහිරු තිරිමාන්න 56, ජනිත් ලියනගේ 69, සමීර ද සොයිසා 39, අක්ශු ප්‍රනාන්දු 32, චාමික කරුණාරත්න 76/4, ෆර්විස් මහරූෆ් 48/2)

එන්.සී.සී.- දෙවැනි ඉනිම – ඕවර 57.1 කදී සියලුදෙනා දැවී ලකුණු 215
(මාලින්ග අමරසිංහ 34, මහේල උඩවත්ත 20, චතුරංග ද සිල්වා 37, චාමික කරුණාරත්න 51, ෆර්විස් මහරූෆ් 28, නිශාන් පිරීස් 56/5, ඉශාන් ජයරත්න 33/2, අමිල අපෝන්සු 37/2)

රාගම – දෙවැනි ඉනිම – ඕවර 40.1 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 129
(ජනිත් ලියනගේ නොදැවී 44, සමීර ද සොයිසා නොදැවී 43, තරිඳු කෞෂාල් 33/3)

එස්. එස්. සී. සහ වරාය අධිකාරිය අතර තරගය

කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ දිවා විවේකයට පෙරම තරගයේ විසඳුම තීරණය වූයේ එස්. එස්. සී. කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 82ක ජයග්‍රහණයක් ලෙසිනි. තරගයේ තෙවැනි දිනය ආරම්භ වූයේ ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා වරාය අධිකාරී ක්‍රීඩකයන්ට තවත් ලකුණු 170ක අවශ්‍යතාවක් සමඟිනි. එහෙත් අද දිනයේ දී ඔවුන්ට රැස්කර ගත හැකි වූයේ ලකුණු 88ක් පමණි. ඒ අනුව ඔවුන්ගේ ඉනිම 166 දී නතර විය.

මෙම ඉනිමේ දී හුදකලා සටනක නිරත වූ යසෝද ලංකා පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 67ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී අවශ්‍ය ම අවස්ථාවන් හී දී පන්දුව සියතට ගත් නායක සචිත්‍ර සේනානායක ලකුණු 11කට කඩුලු 3ක් දවා ගත්තේය. දසුන් ශානක සහ ජෙෆ්රි වැන්ඩර්සේ ද කඩුලු 3 බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා වරයා අධිකාරිය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 165 (44.2) යොහාන් ද සිල්වා 24, යසෝද ලංකා 21, ගිහාන් රූපසිංහ 36, අනුක් ද අල්විස් නොදැවී 39, දසුන් ශානක 3/26, සචිත්‍ර සේනානායක 3/40, ජෙෆ්රි වැන්ඩර්සේ 3/28

එස්. එස්. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 413 (110.4) මිනෝද් භානුක 20, කෞෂාල් සිල්වා 120, මිලින්ද සිරිවර්ධන 49, කවිඳු කුලසේකර 78, චාමර කපුගෙදර 109, අකලංක ගනේගම 3/99, චානක කොමසාරු 4/119, චලනක වීරසිංහ 2/79

ශ්‍රී ලංකා වරාය අධිකාරිය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 166 (40.1) යසෝද ලංකා 67, ගිහාන් රූපසිංහ 24, දසුන් ශානක 3/64, සචිත්‍ර සේනානායක 3/11, ජෙෆ්රි වැන්ඩර්සේ 3/40


About Isuru Weerarathna

Isuru Weerarathna

Digital Media Entrepreneur.

Check Also

තයිබු ශ්‍රී ලංකා පළමුපෙළ තරඟාවලියට එකතුවේ..

සිම්බාබ්වේ ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටටෙන්ඩර් තයිබු 2018/2019 පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේදී බදුරලිය ක‍්‍රීඩා සමාජය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *