Notice: Use of undefined constant _COOKIE - assumed '_COOKIE' in /var/www/html/wp-content/themes/sahifa/framework/functions/theme-functions.php on line 1684
හෙට T20 තරඟයේ,සුවිශේෂී කඩයිම් අභියස සිටින ක්‍රීඩකයන් මෙන්න… – Cricket Lanka | ක්‍රිකට් සිංහලෙන්
Home / ක්‍රිකට් වාර්ථා / හෙට T20 තරඟයේ,සුවිශේෂී කඩයිම් අභියස සිටින ක්‍රීඩකයන් මෙන්න…

හෙට T20 තරඟයේ,සුවිශේෂී කඩයිම් අභියස සිටින ක්‍රීඩකයන් මෙන්න…


ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර පළමු T20 තරඟය හෙට කටක් හිදී පැවැත්වීමට නියමිතය.තරඟය කණ්ඩායම් දෙකටම ඉතා වැදගත් වනවා සේම කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම තම ක්‍රිකට් ජීවිතයේ සුවිශේෂ කඩයිම් අභියස සිටින නිසා මෙම තරඟය එම ක්‍රීඩකයන්ට වඩාත් වැදගත් වේ.

ඉන්දීය කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක MS දෝණි හෙට තරඟයේ කඩුලු තුනක් දවාගැනීම් වලට සහය වීමට සමත් වුවහොත් ඔහු T20 වැඩිම කඩුලු ප්‍රමාණය දවාගැනීමට සමත් වූ කඩුලු රකින්නා බවට පත්වීමට නියමිතය.දැනට මෙම ලෝක වාර්තාවේ හිමිකරු වන්නේ AB ඩිවිලියස් වන අතර ඔහු කඩුලු රකින්නෙකු ලෙස දවාගැනීම් 72කට දායක වී ඇති අතර ,දෝණි මේ වනවිට දවාගනීම් 70 කට දායක වී දෙවන ස්ථානයේ සිටින අතර තෙවන තැන සිටින කුමාර සංගක්කාර දවාගනීම් 45 කට දායක වී ඇත.

2015-2016 සිට මෙම තරඟය පැවැත්වෙන පිටියේ T20 තරඟ වල ලකුණු ලබාගැනීමේ වේගය 5.44 ක් වන අතර පිතිකරණ සාමාන්‍යය දැක්වෙන්නේ 13.42 ක් ලෙසය.

ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මාට මෙම තරඟයේ ලකුණු 15 ක් ලබා ගැනීමට හැකි වුවහොත් ඉන්දියාව වෙනුවෙන් මෙම කඩයිම පසුකල දෙවන පිතිකරුවා බවට ශර්මා පත්වන අතර මීට පෙර ඉන්දියාව වෙනුවෙන් ලකුණු 1500 ලබාගෙන ඇත්තේ විරාත් කෝලි පමණි.

ශ්‍රී ලංකා T20 නායක තිසර පෙරේරා තරඟාවලිය ආරම්භ කරන්නේ T20 කඩුලු 45ක් ලබාගෙන වන අතර ඔහු මෙම තරඟ තුන තුල කඩුලු 5ක් ලබා ගැනීමට සමත් වන්නේ නම් ශ්‍රී ලංකාව වෙනුවෙන් T20 කඩුලු 50 ලබාගත් සිව් වන පන්දු යවන්නා මෙන්ම ලෝකයේ 27 වන පන්දු යවන්නා බවටද පත්වේ.

ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක යෂ්වෙන්ද්‍ර චහල් මෙම තරගාවලියේ කඩුලු තුනක් ලබාගැනීමට සමත් වන්නේ නම් ඔහු මෙම වසර තුල වැඩිම T20 කඩුලු ලාභියා බවට පත්වන අතර දැනට මෙම සටහනේ ඉදිරියෙන්ම සිටින්නේ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රෂීඩ් ඛාන් සහ කොදෙව් ක්‍රීඩක කෙශ්‍රිර්ක් විලියම්ස් වන අතර ඔවුන් දෙදෙනා මේ වනවිට කඩුලු 17ක් ලබා සිටින අතර චහාල් මේ වනවිට මෙම වසර තුල T20 කඩුලු 15 ක් දවා ගෙන ඇත.

ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා හෙට සහභාගී වන්නේ ඉන්දියාවට එරෙහිව සහභාගී වන 8වන T20 තරඟය වන අතර තිසරට වඩා T20 තරඟ සඳහා ක්‍රීඩා කර ඇත්තේ තිලකරත්න දිල්ශාන් පමණක් වන අතර ඔහු T20 තරඟ 9ක් ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කර ඇත.

තරඟාවලියේ සියලු තොරතුරු දැනුවත් වෙන්න මෙම පුවතේ ඉහල දකුණු කෙලවරේ ඇති LIKE button එක click කර අපගේ ෆේස්බුක් පිටුව සමඟ එකතු වෙන්න.

තවත් පුවත්

*අපි ඉන්දියාව දණ ගස්සපු හැටි – ඉන්දු ලංකා එක්දින ඉතිහාසයේ හොඳම 5

*වැඩිම දුවද්දී දවාගැනීම් ලබාගත් පන්දු රකින්නෝ පස් දෙනා මෙන්න

 


About Isuru Weerarathna

Isuru Weerarathna

Digital Media Entrepreneur.

Check Also

නවසීලන්තය තරඟාවලිය දිනද්දී ඇන්ඩසන්ගෙන් ලෝක වාර්ථාවක්…

නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවති දෙවන සහ අවසාන ටෙස්ට් තරඟයේ අවසාන දිනය වූ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *