Notice: Use of undefined constant _COOKIE - assumed '_COOKIE' in /var/www/html/wp-content/themes/sahifa/framework/functions/theme-functions.php on line 1684
චන්දිමාල් පළමු වරට ලෝකයේ හොඳම ටෙස්ට් පිතිකරුවන් 10 අතරට…. – Cricket Lanka | ක්‍රිකට් සිංහලෙන්
Home / විශේෂාංග / චන්දිමාල් පළමු වරට ලෝකයේ හොඳම ටෙස්ට් පිතිකරුවන් 10 අතරට….

චන්දිමාල් පළමු වරට ලෝකයේ හොඳම ටෙස්ට් පිතිකරුවන් 10 අතරට….


ඊයේ අවසන් වූ ශ්‍රී ලංකා ඉන්දියා ටෙස්ට් තරඟයත් ඕස්ට්‍රේලියා එංගලන්ත තරඟයත් අවසානයේ ICC නවතම ටෙස්ට් ක්‍රීඩකයන් සහ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම නිකුත් වී ඇති අතර ශ්‍රේණිගත කිරීමේ තව දුරටත් පෙරමුණ ගැනීමට සමත් වී තිබෙන්නේ ඉන්දීය කණ්ඩායම වන අතර ඔවුන් අවසන් ශ්‍රේණිගත කිරීමට වඩා එක ලකුණක් අඩු කර ගනිමින් ලකුනු124 ක් ලබා පළමු තැන සිටින අතර දෙවන තැන දකුණු අප්‍රිකාවටත් ශ්‍රී ලංකාවට හයවන තැනත් හිමිවී ඇත.

පිතිකරුවන් අතර තවදුරටත් පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් සමත්වී ඇති අතර දෙවන ස්ථානය ලබාගෙන තිබෙන්නේ ඉන්දීය නායක විරාත් කෝලි විසිනි.ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පළමු පිතිකරුවන් දස දෙනා අතරට පැමිණ ඇති අතර ඔහු මෙම තැනට පැමිණීමේදී පසුගිය ශ්‍රේණිගත කිරීමට වඩා ස්ථාන අටක් ඉදිරියට පැමිණ තිබීම විශේෂතවයකි.

සෙසු ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් ඇන්ජලෝ මැතිව්ස් ස්ථාන හතක ඉදිරියක් සමඟ 23 වන තැනට පත්ව ඇති අතර ධනංජය සිල්වා ස්ථාන 7ක් ඉදිරියට පැමිණීමට සමත්වී ඇත.

පන්දු යවන්නන් අතර සුපුරුදු පරිදි ජේම්ස් ඇන්ඩසන් පළමු තැන ලබාගෙන ඇති අතර දෙවන ස්ථානය රබාඩාට හිමිවී ඇත,රංගන හේරත් පස්වන ස්ථානයට ශ්‍රේණිගත වී ඇත.ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් ලක්ෂාන් සඳකැන් ස්ථාන 11 ක් ඉදිරියට පැමිණෙමින් 56 වන තැනට පත්ව ඇති අතර ස්ථාන 18 ක් ඉදිරියට පැමිණි ලහිරු ගමගේ 76 වන තැනට පත්වී ඇත.

ක්‍රිකට් ගැන හැමදේම ඉක්මනින් සහ නිවැරදිව බලන්න පුවතේ ඉහල දකුණු කෙලවරේ ඇති ” LKIE ” Button එක click කර අපගේ ෆේස්බුක් පිටුවට Like  කර අප සමඟ එක්වන්න.

 


About Isuru Weerarathna

Isuru Weerarathna

Digital Media Entrepreneur.

Check Also

2018 IPL වසරේ කණ්ඩායම නම් කරයි,කඩුලු රකින්නන් හතරක් කණ්ඩායමට..

2018 වසරේ IPL තරඟාවලියේ ක්‍රීඩකයන් පෙන්වූ දක්ෂතා අනුව ක්‍රීක් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් වසරේ කණ්ඩායම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *